Wednesday, December 30, 2020

සිතුවිලි 31-Dec-2020

 

දිනය - 31-Dec-2020  
කාලය - උදෑසන 4.00 - 4.40


 මුලින්ම ශරීරය ගැන සිහිය පිහිටවාගත්තෙමි. පිලිකුල් භාවනාව වැඩුවෙමි. සිත එකග වූ පසු මලක ඉපදීම   විපරිනාමයට යෑම පිලිබද සිත යොමු       කලෙමි. මලක් යන දැනීම සිත තුලම උපදින බව දැනුනි. සියල්ල සිත තුලි න්ම   උපදින බව දැනුනි.  කිසි දෙයක් පිලිබද සිතා ගන්නට බැරි විය. සිත් ඇතිවන තැන අවකාශයේ කොතනක පවතීදැයි නිශ්චය කරගන්නට බැරි බවක් දැනුනි.  සියලු දේවල් වල අනිත්‍ය බව මෙනෙහි කලෙමි.  සිතුවිලි ඇති ව නැතිව යන ආකාරය බලමින්   අනිත්‍ය බවෙහි ම   සිත ටික වේලාවක් තබා ගත්තෙමි. 

Tuesday, December 29, 2020

සිතුවිලි 30-Dec-2020

 

දිනය - 30-Dec-2020  
කාලය - උදෑසන 4.50 - 5.40

 මුලින්ම ශරීරය ගැන සිත පිහිටවාගත්තෙමි. මෛත්‍රි  භාවනාව  මුලිමන්ම වැඩුවෙමි. ශ රිරයේ සිට ඈතට විහිදී යන ආකාරයට සියලු සතුන් සිහි කරමින් මෛත්‍රි ය වැඩුවෙමි. සියල්ල සිතෙනිම උපදින සිතාගන්නා දේවල් බැවින් බාහිරට නොව සිත කෙරෙහිම අවදානයෙන් උන්නෙමි. අතීත රූප සියල්ල බිදී ඇති බවත් දැන් පවතින සියල්ල ඉදිරියේදි ලෝකයේ නැති බවත් සිහි කරමින් රූප පිලිබද සිතුවෙමි. සිහිකරන්නට රූපයක් නැති ව ගිය බැවින් අනිත්‍ය සිතුවිල්ල කරගෙන් ටික වේලාවක් සිටියෙමි. සිත්විලි අවකාශයේ තැනින් තැන ඇති ව බිදී යන දෙයක් මෙන් දැනුනි. අතීතයේ ද භාවනා කල අයතුල මෙලෙසම අනිත්‍ය සිතුවිල්ල කරගත් සිතුවිලි අවකාශය තුල ඉපිද බිදෙන්නට ඇතැයි සිත් පහල විය. භාවනාවෙන් මිදුනෙමි.

Monday, December 28, 2020

සිතුවිලි 29-Dec-2020

 දිනය - 29-Dec-2020  පොහොය දිනයක් විය.

කාලය - උදෑසන 4.55 - 5.40

 මුලින්ම ශරීරය ගැන සිත පිහිටවාගත්තෙමි. සිතුවිලි පිලිබදව අවදානය යොමු කලෙමි. අතීතයේ තිබුන සියල්ල දැන් නොමැති බවත් අනාගතය නොපැමිනි දෙයක් බව සිහි කර සිත වර්තමාන සිතුවිල්ල කෙරෙහිම රදවා ගතිමි. එ ඒ අවස්තාවේ සියල්ල සිතෙන්ම මවා දෙන බව සහ එවෙලෙහිම බිදෙන බව බලමින් සතුටු සිතින් සිටියෙමි. හූනෙක් කිහිප විටක්ම අතර මැද ලග ලගම ශබ්ද කලත් ඒ පිලිබද කිසිදු වේදනාවක් සිතෙහි ඇති නොවිනි. ශබ්දයට අනුව සිත් ඉපිද බිදෙන අයුරු බැලුවෙමි. ශබ්දය නැති වුන විට අලුත් සිතක් බැවින් වර්තමාන සිතුවිල්ල කෙරෙහිම සිත රදවා ගතිමි. භාවනාවෙන් මිදීම හොද සිහියකින් සිදුවුනි.

https://www.youtube.com/watch?v=lfswVzOMWW0  වීඩියෝව නැවත ඇසුවෙමි. සතුටු සිත් ඇති විය.

සතිපට්ඨාන භාවනා ක්‍ර‍මය පොතෙහි අනාත්ම ලක්‍ෂණය වසන ඝන සතර පිලිබද කියවූයෙමි

Sunday, December 27, 2020

සිතුවිලි 28-Dec-2020

 දිනය - 28-Dec-2020

කාලය - උදෑසන 5.40 - 6.30

බලාපොරොත්තුවකින් තොරව භාවනාව ආරම්භ කලෙමි. මුලින්ම ශරීරය ගැන සිත පිහිටවාගත්තෙමි. සිතුවිලි පිලිබදව අවදානය යොමු කලෙමි. අනිතිම සිතුවිල්ල පිලිබද අවදානයෙන් සිටින්නට උත්සාහ කලෙමි.. ශබ්දය පිලිබද අවදානයෙන් සිටියෙමි. එය ඉපිද නැතිව යයි. ඒ අනුව  ශබ්දය වර්ග කිරිමෙන් වැලකී සිටියෙමි. එක් ශබ්දයක් නිසා දිගින් දිගට ඒ පිලිබද සිත් ඇති වීම නතර වුන බවක් දැනුනි. පරන ශබ්දය බිදී ඇති බැවින් අලුතින් ඇති වන සිතිවිල්ල කෙරෙහිම අවදානයෙන් සිටියෙමි.

Saturday, December 26, 2020

සිතුවිලි 27-Dec-2020

 දිනය - 27-Dec-2020

කාලය - උදෑසන 3.45 - 4.45 

මුලින්ම ශරීරය ගැන සිත පිහිටවාගත්තෙමි. මූලිකම බලාපොරොත්තුව ශරීරය  සැදී ඇති අංශු පිලිබද ව සිත පිහිටුවා සිටීමට උවත් එය අසාර්තක විය.
සමාධිය බිදුන විට නැවත හුස්ම ඉහල යාම පහල යාම මෙනෙහි කලෙමි. සිත භාවනාවෙන් ඉවත් වෙන්න කීවත් එය සිතිවිල්ලක් බව මෙනෙහි කර එය බිද දැමුවමි.
ලොකු වෙලාවක් භාවනා කරන්න අවශ්‍ය නැහැ යන සිතිවිල්ල ඇති විය. ඒ හැගීම සිතිවිල්ලක් බවත් මෙනෙහි කර දිගටම භාවනාවේ සිටියෙමි.
රූපය බිදි බිදි යන බව මෙනෙහි කර  ශරීරය ගැන ඇති බර ගතිය නිදහස් කරගෙන සිතිවිලි ගැන ම අවදානයෙන් සිටියෙමි. සිත සැහැල්ලු වී පාවෙන ගතියක් දැනුනි. ඉහල අහසේ සිටිමින් දේවල් දකින ලදී.  අදුරු බැවින් ඉර එලිය සිහි කලෙමි. දහවලක ඉහල අහසේ සිට පහල දෙස බලා ඉන්නා මෙන් දැනුනි. වැස්ස ගැන සිහි කර වැස්ස් ඇති වෙලාවක ඉන්නා බව දැනුනි. පෘතිවිය සිහි කලෙමි. පෘතිවිය දෙස උඩ සිට බලා ඉන්නා බව දැනුනි.  ඒවා සිතුවිලිම බව දැන ගත්තත් සිත මගේ පාලනයේ ඇති බැවින් සතුටු වුනෙමි. එක් වරම භාවනාවෙන් මිදුනෙමි. භාවනාවෙන් මිදීම හොද සිහියකින් සිදු නොවුනි.