දිනය - 31-Dec-2020
කාලය - උදෑසන 4.00 - 4.40
මුලින්ම ශරීරය ගැන සිහිය පිහිටවාගත්තෙමි. පිලිකුල් භාවනාව වැඩුවෙමි. සිත එකග වූ පසු මලක ඉපදීම විපරිනාමයට යෑම පිලිබද සිත යොමු කලෙමි. මලක් යන දැනීම සිත තුලම උපදින බව දැනුනි. සියල්ල සිත තුලි න්ම උපදින බව දැනුනි. කිසි දෙයක් පිලිබද සිතා ගන්නට බැරි විය. සිත් ඇතිවන තැන අවකාශයේ කොතනක පවතීදැයි නිශ්චය කරගන්නට බැරි බවක් දැනුනි. සියලු දේවල් වල අනිත්‍ය බව මෙනෙහි කලෙමි. සිතුවිලි ඇති ව නැතිව යන ආකාරය බලමින් අනිත්‍ය බවෙහි ම සිත ටික වේලාවක් තබා ගත්තෙමි.
No comments:
Post a Comment