දිනය - 30-Dec-2020
කාලය - උදෑසන 4.50 - 5.40
මුලින්ම ශරීරය ගැන සිත පිහිටවාගත්තෙමි. මෛත්‍රි භාවනාව මුලිමන්ම වැඩුවෙමි. ශ රිරයේ සිට ඈතට විහිදී යන ආකාරයට සියලු සතුන් සිහි කරමින් මෛත්‍රි ය වැඩුවෙමි. සියල්ල සිතෙනිම උපදින සිතාගන්නා දේවල් බැවින් බාහිරට නොව සිත කෙරෙහිම අවදානයෙන් උන්නෙමි. අතීත රූප සියල්ල බිදී ඇති බවත් දැන් පවතින සියල්ල ඉදිරියේදි ලෝකයේ නැති බවත් සිහි කරමින් රූප පිලිබද සිතුවෙමි. සිහිකරන්නට රූපයක් නැති ව ගිය බැවින් අනිත්‍ය සිතුවිල්ල කරගෙන් ටික වේලාවක් සිටියෙමි. සිත්විලි අවකාශයේ තැනින් තැන ඇති ව බිදී යන දෙයක් මෙන් දැනුනි. අතීතයේ ද භාවනා කල අයතුල මෙලෙසම අනිත්‍ය සිතුවිල්ල කරගත් සිතුවිලි අවකාශය තුල ඉපිද බිදෙන්නට ඇතැයි සිත් පහල විය. භාවනාවෙන් මිදුනෙමි.
No comments:
Post a Comment