දිනය - 29-Dec-2020 පොහොය දිනයක් විය.
කාලය - උදෑසන 4.55 - 5.40
මුලින්ම ශරීරය ගැන සිත පිහිටවාගත්තෙමි. සිතුවිලි පිලිබදව අවදානය යොමු කලෙමි. අතීතයේ තිබුන සියල්ල දැන් නොමැති බවත් අනාගතය නොපැමිනි දෙයක් බව සිහි කර සිත වර්තමාන සිතුවිල්ල කෙරෙහිම රදවා ගතිමි. එ ඒ අවස්තාවේ සියල්ල සිතෙන්ම මවා දෙන බව සහ එවෙලෙහිම බිදෙන බව බලමින් සතුටු සිතින් සිටියෙමි. හූනෙක් කිහිප විටක්ම අතර මැද ලග ලගම ශබ්ද කලත් ඒ පිලිබද කිසිදු වේදනාවක් සිතෙහි ඇති නොවිනි. ශබ්දයට අනුව සිත් ඉපිද බිදෙන අයුරු බැලුවෙමි. ශබ්දය නැති වුන විට අලුත් සිතක් බැවින් වර්තමාන සිතුවිල්ල කෙරෙහිම සිත රදවා ගතිමි. භාවනාවෙන් මිදීම හොද සිහියකින් සිදුවුනි.
https://www.youtube.com/watch?v=lfswVzOMWW0 වීඩියෝව නැවත ඇසුවෙමි. සතුටු සිත් ඇති විය.
සතිපට්ඨාන භාවනා ක්‍රමය පොතෙහි අනාත්ම ලක්‍ෂණය වසන ඝන සතර පිලිබද කියවූයෙමි
No comments:
Post a Comment