දිනය - 28-Dec-2020
කාලය - උදෑසන 5.40 - 6.30
බලාපොරොත්තුවකින් තොරව භාවනාව ආරම්භ කලෙමි. මුලින්ම ශරීරය ගැන සිත පිහිටවාගත්තෙමි. සිතුවිලි පිලිබදව අවදානය යොමු කලෙමි. අනිතිම සිතුවිල්ල පිලිබද අවදානයෙන් සිටින්නට උත්සාහ කලෙමි.. ශබ්දය පිලිබද අවදානයෙන් සිටියෙමි. එය ඉපිද නැතිව යයි. ඒ අනුව ශබ්දය වර්ග කිරිමෙන් වැලකී සිටියෙමි. එක් ශබ්දයක් නිසා දිගින් දිගට ඒ පිලිබද සිත් ඇති වීම නතර වුන බවක් දැනුනි. පරන ශබ්දය බිදී ඇති බැවින් අලුතින් ඇති වන සිතිවිල්ල කෙරෙහිම අවදානයෙන් සිටියෙමි.
No comments:
Post a Comment