දිනය - 27-Dec-2020
කාලය - උදෑසන 3.45 - 4.45
මුලින්ම ශරීරය ගැන සිත පිහිටවාගත්තෙමි. මූලිකම බලාපොරොත්තුව ශරීරය සැදී ඇති අංශු පිලිබද ව සිත පිහිටුවා සිටීමට උවත් එය අසාර්තක විය.
සමාධිය බිදුන විට නැවත හුස්ම ඉහල යාම පහල යාම මෙනෙහි කලෙමි. සිත භාවනාවෙන් ඉවත් වෙන්න කීවත් එය සිතිවිල්ලක් බව මෙනෙහි කර එය බිද දැමුවමි.
ලොකු වෙලාවක් භාවනා කරන්න අවශ්‍ය නැහැ යන සිතිවිල්ල ඇති විය. ඒ හැගීම සිතිවිල්ලක් බවත් මෙනෙහි කර දිගටම භාවනාවේ සිටියෙමි.
රූපය බිදි බිදි යන බව මෙනෙහි කර ශරීරය ගැන ඇති බර ගතිය නිදහස් කරගෙන සිතිවිලි ගැන ම අවදානයෙන් සිටියෙමි. සිත සැහැල්ලු වී පාවෙන ගතියක් දැනුනි. ඉහල අහසේ සිටිමින් දේවල් දකින ලදී. අදුරු බැවින් ඉර එලිය සිහි කලෙමි. දහවලක ඉහල අහසේ සිට පහල දෙස බලා ඉන්නා මෙන් දැනුනි. වැස්ස ගැන සිහි කර වැස්ස් ඇති වෙලාවක ඉන්නා බව දැනුනි. පෘතිවිය සිහි කලෙමි. පෘතිවිය දෙස උඩ සිට බලා ඉන්නා බව දැනුනි. ඒවා සිතුවිලිම බව දැන ගත්තත් සිත මගේ පාලනයේ ඇති බැවින් සතුටු වුනෙමි. එක් වරම භාවනාවෙන් මිදුනෙමි. භාවනාවෙන් මිදීම හොද සිහියකින් සිදු නොවුනි.